9/16/14

HTML SECTIONS ELEMENT

<BODY>


html document එකක අන්තර්ගතය ලිවිය යුත්තේ මෙහිය. එක html document එකක් සදහා තිබිය හැක්කේ එක body tag එකක් පමණි.මෙම ටැග් එක සමග පහත දැක්වෙන attributes ක්‍රියාත්මක කල හැක.

Attributes

alink
background
bgcolor
link
onafterprint
onbeforeprint
onbeforeunload
onblur 



onmessage
onoffline
ononline
onpopstate
onredo
onresize
onstorage
onundo
onunload
text
vlink

භාවිතය  

<html> 
<head>
<title> My Page 
</title>
</head>
<body>
<p> Tell something </p>
</body>
</html>

9/11/14

HTML METADATA ELEMENTS

<HEAD>


සාමාන්‍යයෙන් head tag තුල වෙබ් පිටුවේ මාතෘකාව, css, java script link   ආදිය අන්තර්ගත කරයි

භාවිතය


<!DOCTYPE html>
<html>
<head>
<title> Document title </title>
</head>
</html>




<TITLE>  

  head element අන්තර්ගත tag එකකි

භාවිතය

<title> Document title </title>




<LINK>  

පිටුවකට css, javascript වැනි පිටු සම්බන්ධ කිරීමට මෙම ටැග් එක යොදාගනී. බොහෝ විට මෙය යොදා ගැනෙන්නේ style sheet ලින්ක් කිරීම සඳහාය.

මෙම <link> ටැග් එක තුල පහත සඳහන් attribute  යොදා ගත හැක.

href : මගින් link කිරීමට අවැසි document එකේ path ලබා දේ
rel : සඳහා link කරන document එකේ නම ලබා දිය යුතුය. 
type : මගින් link කරන ලද document එක අර්ථ දැක්විය යුතුය 
disabled : මගින් link කරන ලද document එක බල රහිත කල හැක


භාවිතය

<link href="style.css" rel="stylesheet" type="text/css" media="all">

<link href="default.css" rel="stylesheet" type="text/css" title="Default Style"><link href="fancy.css" rel="alternate stylesheet" type="text/css" title="Fancy"><link href="basic.css" rel="alternate stylesheet" type="text/css" title="Basic">



<STYLE> 

මෙම html elemant මගින් වෙබ් පිටුවක අන්තර්ගත  වන  css style සම්පූර්ණයෙන් හෝ කොටසින් කොටස ඇතුලත් කල හැක

භාවිතය

<style type="text/css">

body {

color:red;

     }

</style>


HTML Elements - html

හැඳින්වීම


html හි මූලධාතුව වන්නේ මෙම tag එක වේ. එනම් අප ලියූ සටහන html එකක් දැයි web browser එක හඳුනාගන්නේ මෙම එකෙනි.


භාවිතය


<!DOCTYPE html>
<html>
<head>........</head>
<body>........</body>
</html>

සාමාන්‍යයෙන් html document  තුල <head> tag එකක් හා <body> tag එකක් අන්තර්ගත විය යුතුය

9/3/14

HTML 01

html වල විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් html page එකක් save කරන්නේ අගට .html කියලා දාලා. උදාහරණයක් විදිහට notepad එකෙන් ඕපන් කරගන්න document එකක් සේව් කරන්න යනකොටmyname.html දාලා සේව් කලොත් ඒක වෙබ් බ්‍රව්සර් එකකින් ඕපන් කරගන්න පුලුවන්.
html  ලියන්නේ කෝණ වරහන් ඇතුලේ. <> මේවට අපි html  element එකක් කියලා කියනවා.

<html>

<body>

<p> My First Web Page </p>

</body>
</html>

පලවෙනි උදාහරණය බලන්න. මුලින්ම html  tag එකක් ඇරලා ඒක වහලා තියෙන්නෙ අවසානෙට. ඒ අපි code කරන්නෙ html  වලින් නිසා.යම් තැනක html   tag  එක ආරම්භ කරලා අවසන් කරොත් ඒ html   පිටුව අවසන්. 

ඊලගට තියෙන්නෙ body ටැග් එක. අපි පිටුවක ලියන ඔනේම දෙයක් ලියන්න ඔනේ මේ body tag  එක ඇතුලේ. <p> කියන tag එක ඇතුලේ අපිට කැමති දෙයක් ලියන්න පුලුවන්.paragraph  කියන ටැග් එක තමා <p> කියන්නේ. 

ඔයාලට පුලුවන් මේ code එක කොපි කරලා notepad එකේන් සේව් කරගන්න. සේව් කරනකොට කැමති නමක්  දීලා අගට .html කියලා දෙන්න. මම මේක සේව් කරන්නම් my1stpage.html කියලා. ඒක firefox  වලින් විවෘත කලාම මෙහෙම පෙනේවි



Introduction 2


Web Development ගැන කියනකොට ගොඩක් මාතෘකා තියෙනවා කතා කරන්න. ඒ අතුරින් වැදගත්ම අවශ්‍යම වෙන දේවල් ටික විතරක් කියන්නම්. අනික්වා පස්සට තියාගම්මු. කේක් එකක් හදනකොට අයිසින් දාන්නේ පස්සෙනේ. මූලිකව අපිට තියෙන්න ඔනේ, කෝඩින් ලියන්න හොඳ සොෆ්ට්වෙයා එකක්. Java කරන අයට Netbean, Eclips වගේ Web Development කරන අයට Dreamviewer කියන්නේ හොඳම IDE එකක්. ඒත් ඒ වගේ එකක් සල්ලි ගෙවලා ගන්න තරම් පොහොසත් උදවිය ලංකාවේ නෑනේ.

Crack කරලා Software එකක් හොරකම් කරන එකනම් මම අනුමත කරන්නේ නෑ. Windows පාවිච්චි කරන  අයට නොමිලේ මේ http://www.codelobster.com/download.html සොෆ්ට්වෙයා එක බාගන්න පුලුවන්. Dreamviewer වගේම පහසුකම් තියෙනවා. වැඩක් කරගන්න නොමිලේ දෙන සංසකරණය හොඳටම ප්‍රමාණවත්. මේක Download කරලා Install කරගන්න. Linux  පාවිච්චි කරන අයට gedit ඇති.

Introdution








Web Development ගැන ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් අද ඉඳලා පාඩමක් පටන් ගන්නවා. මුල ඉඳලා සරලව සිංහලෙන්. HTML, PHP, JAVASCRIPT , MYSQL, JQUERY ඇතුලත් අංගසම්පූර්ණ පාඩම් මාලාවක් කියලා දෙනවා. මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් මුල ඉඳලා ඉගෙන ගන්න පුලුවන්. තමන්ටම කියලා Web Application 1ක් හදාගන්න පුලුවන් උනානම් ඒ ඇති. නිර්මාණශීලිත්වය අනුව උපයගන්න හැකියාව ලැබෙනවා.

එහෙනම් ඉතින් පටන් ගමුකෝ. 
Web Application එකක් හදන්න කලින් අපි මුලින්ම දැනගන්න ඔනේ දේවල් ටිකක් තියෙනවා. හැම Application එකක් Run වෙන්නම ඒ සඳහා මාධ්‍යක් ඔනේ. උදාහරණයක් විදිහට Microsoft Office Run වෙන්න නම් Windows මෙහෙයුම් පද්ධතිය ඔනේ වෙනවා. ඒ වගේම Web Page එකක් හරි Web Application එකක් හරි Run කරගන්න ඔනේ නම් Web Browser ඔනේ වෙනවා. Mozilla Firefox, Google Chrome, Opera , Internet Explore කියලා කියන්නේ ඒ වගේ Web Browser  වලට.

ඉතින් මේ කියන Web Browser එකකින් අපි හදන Web Page එකක් එහෙම නැත්තන් 
Web Application එකක් View කරගන්න නම් අපිට HTML ගැන ඉගෙන ගන්න වෙනවා. HTML කියන Language එකෙන් තමයි Browser එකකින් Web Page එකක් වීව් කරන්නේ. HTML- HyperText Markup Language කියන එකට. HTML මුලින්ම Release කරේ 1993 දී. එදා ඉඳලා අද වෙනකම් විවිධාකාර සංස්කරණයන්ට ලක්වෙලා වෙබ් ඇප්ලිකේශන් සාදන්න උදව් වෙලා තියෙනවා.