9/3/14

HTML 01

html වල විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් html page එකක් save කරන්නේ අගට .html කියලා දාලා. උදාහරණයක් විදිහට notepad එකෙන් ඕපන් කරගන්න document එකක් සේව් කරන්න යනකොටmyname.html දාලා සේව් කලොත් ඒක වෙබ් බ්‍රව්සර් එකකින් ඕපන් කරගන්න පුලුවන්.
html  ලියන්නේ කෝණ වරහන් ඇතුලේ. <> මේවට අපි html  element එකක් කියලා කියනවා.

<html>

<body>

<p> My First Web Page </p>

</body>
</html>

පලවෙනි උදාහරණය බලන්න. මුලින්ම html  tag එකක් ඇරලා ඒක වහලා තියෙන්නෙ අවසානෙට. ඒ අපි code කරන්නෙ html  වලින් නිසා.යම් තැනක html   tag  එක ආරම්භ කරලා අවසන් කරොත් ඒ html   පිටුව අවසන්. 

ඊලගට තියෙන්නෙ body ටැග් එක. අපි පිටුවක ලියන ඔනේම දෙයක් ලියන්න ඔනේ මේ body tag  එක ඇතුලේ. <p> කියන tag එක ඇතුලේ අපිට කැමති දෙයක් ලියන්න පුලුවන්.paragraph  කියන ටැග් එක තමා <p> කියන්නේ. 

ඔයාලට පුලුවන් මේ code එක කොපි කරලා notepad එකේන් සේව් කරගන්න. සේව් කරනකොට කැමති නමක්  දීලා අගට .html කියලා දෙන්න. මම මේක සේව් කරන්නම් my1stpage.html කියලා. ඒක firefox  වලින් විවෘත කලාම මෙහෙම පෙනේවි



Categories:

0 comments:

Post a Comment