9/3/14

Introdution








Web Development ගැන ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් අද ඉඳලා පාඩමක් පටන් ගන්නවා. මුල ඉඳලා සරලව සිංහලෙන්. HTML, PHP, JAVASCRIPT , MYSQL, JQUERY ඇතුලත් අංගසම්පූර්ණ පාඩම් මාලාවක් කියලා දෙනවා. මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් මුල ඉඳලා ඉගෙන ගන්න පුලුවන්. තමන්ටම කියලා Web Application 1ක් හදාගන්න පුලුවන් උනානම් ඒ ඇති. නිර්මාණශීලිත්වය අනුව උපයගන්න හැකියාව ලැබෙනවා.

එහෙනම් ඉතින් පටන් ගමුකෝ. 
Web Application එකක් හදන්න කලින් අපි මුලින්ම දැනගන්න ඔනේ දේවල් ටිකක් තියෙනවා. හැම Application එකක් Run වෙන්නම ඒ සඳහා මාධ්‍යක් ඔනේ. උදාහරණයක් විදිහට Microsoft Office Run වෙන්න නම් Windows මෙහෙයුම් පද්ධතිය ඔනේ වෙනවා. ඒ වගේම Web Page එකක් හරි Web Application එකක් හරි Run කරගන්න ඔනේ නම් Web Browser ඔනේ වෙනවා. Mozilla Firefox, Google Chrome, Opera , Internet Explore කියලා කියන්නේ ඒ වගේ Web Browser  වලට.

ඉතින් මේ කියන Web Browser එකකින් අපි හදන Web Page එකක් එහෙම නැත්තන් 
Web Application එකක් View කරගන්න නම් අපිට HTML ගැන ඉගෙන ගන්න වෙනවා. HTML කියන Language එකෙන් තමයි Browser එකකින් Web Page එකක් වීව් කරන්නේ. HTML- HyperText Markup Language කියන එකට. HTML මුලින්ම Release කරේ 1993 දී. එදා ඉඳලා අද වෙනකම් විවිධාකාර සංස්කරණයන්ට ලක්වෙලා වෙබ් ඇප්ලිකේශන් සාදන්න උදව් වෙලා තියෙනවා. 
Categories:

0 comments:

Post a Comment